Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Thursday, November 1, 2012

අලුත්ම VLC Media Player 2.0.4 සංස්කරණය

       ලොව ඇති ඕනෑම පොමැට් එකින් ඇති වීඩියෝ, ඕඩියෝ ෆයිල් රන් කර ගත හැකි එකම පේලෙයර් VLC media player වේ. මෙය නොමිලේ ලබා දෙන පේලෙයර් වැඩසටහනකි. දැනට ලොව තිබෙන පේලේයර් වැඩසටහන් අතරින් හොඳම පේලේයර් වැඩසටහන් ලෙස VLC මීඩියා පේලේයර් එක හැදින්විය හැක. එහි අලුත්ම සංකරණය වන Version 2.0.4 දැන් ඔබට videolan වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගත හැක.




Wednesday, October 31, 2012

ප්‍රොසෙසරයේ තාක්ෂණික විස්තර දැන් ගන්න

         ඔබ භාවිතා කරන පරිගණකයේ ප්‍රොසෙරයේ ස්පීඩ් එක ආදි තාක්ෂණික විස්තර බලා ගැනීමට ඔබට අවශ්‍යය විය හැක. ඒ සඳහා සීපීයූ ස්පීඩ් වැඩසටහන භාවිතා කළ හැකිය. මුලින්ම ඔබ මෙතනින් ගොස් සීපීයූ ස්පීඩ් වැඩසටහන ඩවුන්ලොඩ් කර ගෙන ඉස්ටෝල කර ගන්න.



මුලින්ම ඔබ ඉස්ටොල් කර ගත්ත සීපීයූ ස්පීඩ් වැඩසටහන ඔපන් කර ගන්න.


පහත රූපයේ පරදි සීපීයූ ස්පීඩ් වැඩසටහනේ වම් පස ඇති Test CPU Speed මත කිලික් කිරීමෙන් ඔබට ඔබේ පරිගණකයේ ප්‍රොසෙසරයේ ස්පීඩ් එක බලා ගත හැක.




වම් පස ඇති Show CPU Details බටන් එක කිලික් කිරීමේන් පොසෙසරයේ පිළිබඳ විස්තර බලා ගත හැක. 





ගූගල් අර්ත්/Google Earth

ලෝකයේ රටවල් වල පිහිටුම් සොයා ගැනීමට භාවිත වූ ලෝක ගොලය යල් පැන ගිය උපාංගයක් වී ඇත. ඒ වෙනුවට අද ගූගල් අර්ත් අපට ලොකයේ ඔනෑම තැනක පිහිටීම බලා ගන්නට උපකාරි වේ. ගූගල් අර්ත් නොමිලේ දෙන වැඩසටහනකි. මෙය ඔබේ කම්පියුටරයට ඩවුන්ලොඩ් කර ගත් විට ලොකයේ ඕනෑම තැනක් අහසේ ඇති චන්ද්‍රිකාවක සිට බලන සේ ලොකය පිරික්ෂිය හැක. 

ගූගල් අර්ත් භාවිතයෙන් ලොව ඕනෑම තැනක පැහැදලි ත්‍රිමාන (3D) දසුන් බලා ගත හැක. එමෙන්ම ලොකය මත පිහිටි මන් මාවත්, ගොඩනැගිලි, භූමිෂමතාව, කඳු, ගංගා, ජලාශ, මුහුදු, මෙන්ම ශාගර ඔබට බලා ගත හැක. කොටින්ම කීවොත් මේ ලොකයේ ඕනෑම තැනක් ගැන ඔබට විස්තර ලබා ගත හැක.  ගූගල් අර්ත් ඩවුන්ලොඩ් කර ගෙන ඔබ ලොව ඕනැම තැනක් ගැන බලන්න. 




Thursday, October 18, 2012

යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලොඩ් කල හැකි Xilisoft Download YouTube Video

අපි නිතරම යන එන වෙබ් අඩවියක් ලෙස යූ ටියුබ් වෙබ් අඩවිය හැදින් විය හැක. ලොව වීඩියෝ අප්ලොඩ් කර තැබිය හැකි වෙබ් අඩවි වලින් හොඳම වෙබ් අඩවිය යූ ටියුබ් වෙබ් අඩවිය වේ. ඔබට මේ යූ ටියුබ් වෙබ් අඩවියේ තිබෙන යම් කිසි වීඩියොවක් ඔබට ඩවුන්ලෝඩ් කර ගෑනීමට අවශ්‍යය විය හැක. මේ සඳහා ඔබට Xilisoft Download YouTube Video මෘදුකාංගය භාවිත හැක.

පළමුවෙන්ම Xilisoft Download YouTube Video මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගන්න. පසුව එය ඉස්ටෝල් කර ගෙන එය ඔපන් කර ගන්න. ඔබට පහත පරිදි මෘදුකාංගය විවෘතව තිබෙනු දැක ගත හැක.


ඔබට අවශ්‍යය නම් You Tube නැමැති දකුණු පස පහලින් තිබෙන රතු පාට බොත්තම කිලික් කිරීමෙන් යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් විය හැක. එය පහත රූපයේ දැක්වේ.


ඔබට ඩවුන්ලෝඩ් කර ගැනීමට අවශ්‍යය වීඩියෝවේ නම සර්ච් බෝක් එක මත සඳහන් කර සොයා ගන්න. පසුව එම වීඩියොව ඕපන් (Play) කර ගන්න. පහත රූපයේ දැක්වෙන පරිදි.


පසුව වීඩියොවේ ලිපිනය (Url) කොපි කර ගන්න. පසුව File ගොස් New Download යන්න තෝරන්න. ඔබට පහත රූපයේ දැක් වෙ ආකාරයේ සංවාද කොටුවක් ඔපන් වේ.


එම සංවාද කොටුවේ URL යන තැනට ඔබ කොපි කර ගත් යූ ටියුබ් වීඩියොවේ ලින්ක් එක ලබා දෙන්න.


පසුව ඔකේ බොත්තම ඔබන්න. පහත රූපයේ පරදි වීඩියෝව ඩවුන්ලෝඩ් වීමට පටන් ගනි. ඩවුන්ලෝඩ් වන වීඩියෝව සේව් වන ස්ථානය මෘදුකාංගයේ පහල ඇති Save As යන තැන දැක ගත හැක.















Friday, October 12, 2012

ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජරය

ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජරය (IDM) භාවිතා කර ඔබ නිතරම වීඩියෝ ෆයිල්, ඕඩ්යෝ ෆයිල්, මෘදුකාංග, වැනි දේ ඔබ ඉන්ටනෙට් එක හරහා ඩවුන්ලොඩ් කර ගන්නවා ඇත. IDM භාවිතයේදි ඔබට පැන නගින ගැටලුවක් වන්නේ දවස් 30 ක් වැනි කාලයක් සඳහා IDM භාවිතා කිරීමට ඉඩ දී රිජිස්ටර් කරන ලෙස දන්වන මැසෙජයක් දිස් වී ඔබට තව දුරටත්    IDM භාවිතයට ඉඩ දෙනු නොලැබේ. මේ අපහසුතාවය මග හැර ගැනීමට පහත පැච් පයිල් එක භාවිතයෙන් කර ගත හැක.


මුලින්ම ඔබ IDM මෘදුකාංගය ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලොඩ් කර ගෙන ඔබේ පරිගණකයේ ඉස්ටෝල් කරන්න. පසුව ඔබ IDM ඉස්ටොල් උන ෆොල්ඩරය විවෘත කර ගෙන එය තුලට පැච් පයිල් එක කොපි කර ගන්න. පසුව පැච් පයිල් එක මත කිලික් කර රන් කර ගන්න. එවිට පහත පරිදි වින්ඩෝ එකක් ලැබේ.


මෙහි පැච් යන බටන් එක මත කිලික් කල පසු පහත පරදි ඩයලොග් බොක්ස් එකක් ලැබේ. ඩයලොක් බොක්ස් එකේ ඔබේ පරිගණකයේ යුසර් නේම් එක ලබා දෙන්න. ඉන් පසු ඔකේ කරන්න.


පසුව පැච් වේ. එය පහත වින්ඩෝ එකේ පරිදිය. ඉන් පසු ඔබට කිසිදු කරදරයක් නොමැතිව IDM භාවිත කල හැක.





Thursday, July 5, 2012

වීඩියෝ පහසුවෙන් ඩවුන්ලෝඩ් කර දෙන අයිලිව්ඩ්

www.ilivid.com වෙබ් අඩවිය මගින් සපයන ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් වන ilivid Free Download Maneger   මෘදුකාංගය මගින් වෙබ් අඩවි වල ඇති වීඩියෝ ඉක්මනින්ම ඩවුන්ලොඩ් කර ගත හැක.

මෘදුකාංගය බා ගත කර ගන්න

Related Posts Plugin for WordPress, Blogger...