Showing posts with label කාලගුණය. Show all posts
Showing posts with label කාලගුණය. Show all posts

Thursday, August 16, 2012

දියගොබ වලා


         කාලගුණ පද්දතියේ තවත් එක් සොඳුරුතම අවස්ථාක් ලෙස දියගොබ වලා දැක්විය හැක. නමුත් සොඳුරු බවක් පෙනුනද එය තුල සවා ගත් විනාශකාරි බවක්ද නැතුවාම නොවේ. ලාංකීය අපට දිය ගොබ වලා, ටොනේඩෝ තරමක් නුපුරුදු දෙයක් වන්නට පුලුවන. නමුත් ලංකාව තුලද මෙවා හට ගනු ලැබේ. දිය ගොබ වලාවක් ටොනේඩෝවකින් වෙනස් වන්නේ සුවල්ප වශයෙනි. ටොනේඩෝවක් ගොඩ බිම හට ගන්නා අතර දිය ගොබ වලාවක් දිය මත හට ගනී. නමුත් මේ අවස්ථා දෙකේම හැසරීම එක වගේය.

       දිය ගොබ වලා සහා ටොනේඩෝ බොහෝ දුරට එක හා සමාණය. දිය ගොබ වලා ප්‍රබල සංවහන තත්ත්ව යටතේදී, කැටි වලාකුලක් මවු වලාව කරගෙන ජාලාශයක පෘෂ්ඨය අතර වැඩෙන භ්‍රමණය වන වායු කකින් මෙය සමන් විතව හට ගනි.   විනාඩි 10ක් 15ක් අතර කාලයක් තුල කිලෝමීටරයක් පමණ දුර ගොස් මේවා සිය ජීවිතය අවසන් කර ගනි. මෙය ගොඩ බිමකදි හට ගැනුනේ නම් එය ඩොනේඩෝවක් ලෙසද ජාලාශයක් මතු පිට හට ගත්තේ නම් දිය ගොබ වලාවක් ලෙසද හඳුන්වයි.

     දියගොබ වලාවක හා ටොනේඩෝවක භෞතික ලක්ෂණ අතින් ( චාලක ගති) බොහෝ දුරට සමාන වේ. නමුත් ශක්ති අතින් ටොනේඩෝව ඉදිරියෙන් සිටි. සිය කේන්ද්‍රය වටා ඉතා දැඩි වේග වලින් හමා යන ප්‍රවේග වල බලපෑම යටතේ (බනූලි පෙන්වා දුන් පරිදි) එහි කේන්ද්‍රය සහ අක්ෂය ඔස්සේ ඉතා අඩු පීඩන ප්‍රදේශයක් හෝ රික්තයක් නිර්මාණය වේ. එබැවින් මේවාට යම් යම් වස්තු ඉහලට එසවිය හැකිය. ජාලාශ මත වැඩෙන දිය ගොබ වලා ඉහලට ඔසවන්නේ ජලාශය මතු පිට ඇති ජලය වේ.

     ජලාශයක් මතු පිට වැඩෙන දිය ගොබ වලාවක් ජලාශයෙන් ඇද ගන්නා ජලයෙන් සමන් විත හෙයින් ඒවා ඈත සිට වාලාකුලක සිට දිගු වන මනස්කාන්ත සිලින්ඩරාකාර සිරස් දිදුලන කක් මෙන් දැකල ගත හැක. ගමන් වේගය මඳ බැවින් දිය ගොබ වලා පැහැදිලිව දැක ගත් හැක. දියගොබ වලාවක පහල ජාලාශයට ආසන්න කොටස මහා කැළැඹින් වලින් සමන්විත වන හෙයින්  මධ්‍යය ජල ක වටා විසිරුණු ජල ගොබ රැසක් දැක ගත හැක.

   කෙතරම් මනස්කාන්ත දසුනක් වුවද දිය ගොබ වලාවකට කල හැකි විපත් බොහෝය. ප්‍රචණ්ඩ දිය ගොබ වලාවකට ජලාශය තුල සැරිසරන බෝට්ටු, කුඩා නැව්, ධීවර යාත්‍රා ආදිය ඉහලට ඔසවා වැටෙන ලෙස අත හැරිය හැක. එවන් ආපදා කෙතරම් බයානකද යන්න තීරණය වෙන්නේ දියගොබ වලාවේ අවට පෘෂ්ඨයේ රළු භාවය අනුවය. දිය ගොබ වලාවක් ගොඩබිම් ප්‍රදේශයකට ඇතුල් උවහොත් එය ටොනේඩෝවක් බවට පත් වේ. එසේ උවහොත් දියගොබ වලාවෙන් සිදු විය හැකි විනාශය තවත් දරුණු විය හැක.

    දියගොබ වලාවක් හෝ ටොනේඩෝවක් කිලොමීටරයක් තරම් මෑත ක්‍රියාත්මක වන විට ඉන් නිකුත් වන මහා ශබ්ධය ශ්‍රවනය කල හැකිය. එමෙන්ම මේවා ඈතට පැහැදිලිව දර්ශණය වේ. දිය ගොබ වලාවක් නම් නිරන්තරව නැගෙන මහා ජල ධාරාවක ශබ්ධය වන් හක් නැගීමට හැකි බව ආපදාවට දක් වූවන් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් දියගොබ වලාවක් හෝ ටොනේඩෝවක් යයි සැක සිතුනු අවස්ථාක අපි විසින් ඉන් සිදු වන ආපදා අවම කර ගැනීමට පියවර ගත යුතුය. ඒසේම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්නේ නම් මැනවි.



Friday, August 3, 2012

ටෝනේඩෝ/ Tornado


ටොනේඩෝ යනු කලගුණයේ වෙනස් වීමෙන් ඇති වන තවත් එක් සිදුවීමකි. දිය ගොබ වලාද ටොනේඩෝ වලට සමානය. ටොනේඩෝ වල ඉතිහාසය කාලගුණික සාධකවල උප්පත්තිය තරම්ම පැරණි වේ. ලංකාවේ අපට මෙය අලුත්දෙයක් ලෙස පෙනුනද මේ සිදුවීම පැරණි සිදුවීමකි. සුලි සුලං, අකුණු වැසි කුණාටු, මොසම්, දියගෙබ වලා, වැනි කාලගුණික පද්ධති වලින් එකකි ටොනේඩෝ වේ.

ටොනේඩෝවක ස්භාවය දිය ගොබ වලා මෙන් වේ. ටොනේඩෝවක මෙන්ම දියගොබ වලාවකද චාලක ලක්ෂණ එක හා සමාන වේ. මේවා ප්‍රබල සංවහන තත්ත්ව ඇති පරිසර පද්ධති වල වැඩෙන කැටි වලා මව් වලාව ලෙද ගෙන ටොනේඩෝ ඇති වෙයි. එවන් කැටි වලාවක පාදය සහා පෘථිවි තලය අතර වැඩෙන භ්‍රමණ වායු තලයකින් මෙම පද්ධති සමන් විත වේ. මෙවැනි ටෝනේඩෝවක් විනාඩි 10ක 15ක තරම් කෙටි ආයුකාලයක් තුල කිලෝමීටරයක පමණ දුරක් ගොස් ජීවිතය අවසාන කර ගනී.
මේවා හැදින්වීමෙදි හැදී වැඩෙන ස්ථානය අනුව ටොනේඩෝවක්ද, දිය ගොබ වලාවක්ද යන්න නිර්ණය කරයි. ගොඩබිමකදි ටොනේඩෝ ලෙසද, ජාලාශයක් මතුපිටදි දිය ගොබ වලාවක් ලෙසද නම් කරයි. ටොනේඩෝ වල චාලක ගති පැවතුම් දිය ගොබ වලාවකට සමාන උවද, ශක්තිය අතින් ටොනේඩෝ ඉදිරියෙන් සිටි. සිය කේන්ද්‍රය වටා ඉතා දැඩි ප්‍ර වෙග වලින් හමා යන සුළං ප්‍රවෙග වල බලපෑම නිසා එහි කේන්ද්‍රය සහ අක්ෂය ඔස්සේ අඩු පීඩන කලාපයක් හො රික්තයක් නිර්මාණය වෙයි. එම නිසා ගොඩ බිම වැඩෙන ටොනේඩෝවක මධ්‍යස්ථය දූවිලි, කොළ රොඩු, පමණක් නොව, උලු, අලුමිනීයම් සහ ඇස්බැස්ටොස් තහඩු වැනි දේ ඉහලට ඔසවනවා පමණක් නොව වීශාල ගස් පුලිනුපුටා දැමීමට උවත් සමත් වේ.

ටෝනේඩෝවක් තුලට රින්ගා ගන්නා ද්‍රව්‍යය කැබලි කැටි වලාවේ සිට පහලට දිගු වන ජල බිංදු නිසා ඈතට උවද දර්ෂණය වේ. සමහර ටොනේඩෝ වල වලාකුලට ආසන්න ප්‍රදේශය අඳුරු කඳක් ලෙස දිස් වේ. මෙය අනිවාර්රය නොවේ. පහල කොටස සාමාන්‍යෙයන් ඉතා ව්‍යාකූල වේ.

ඒ කෙසේ වෙතත් ටෙනේඩො වලින් බයානක අපදා ගෙන දිය හැක. ටොනේඩෝවක් ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වීම ඉතා භායානකය. පියසි, නාම පුවරු, යාන වාහන, බිඳි ගිය දොර ජනෙල් පවා ඉහලට ඔසවා දැඩි සුළං පහර ඔස්සේ ඒ මේ අත විසුරු විය හැකිය. ටොනේඩොවක් මගින් ඇති වන ආපදා වැඩිම ප්‍රමාණයක් සිදු වෙන්නේ විවිධ ද්‍රව්‍යය ඒ මේ අත විසිරීමෙනි. කෙසේ වෙතත් අප ටොනේඩො මගින් ඇති වන ආපදා අවම තර ගැනීමට වග බලා ගත යුතුය. කිලොමීටරයක් තරම් මෑත ක්‍රියාත්මක වන ටොනේඩෝවක් මගින් නිකුත් වන මහා ශබ්ධය ශ්‍රවණය කල හැකි බව නිරීක්ෂණ වලින් හොයා ගෙන ඇත. පහළින් පියාසර කරන ගුවන් යානාවක ශබ්ධය හෝ පිට පිට නගින මුහුදු රළ ගෙඩි වලට සාමාන ශබ්ධයක් ටොනේඩෝ මගින් පිට කරන බව සොයාගෙන ඇත.

මෙවැනි නිරීක්ෂණ මගින් ටොනේඩොවක් හඳුනා ගත හැක. කෙසේ වෙත් ටොනේඩෝ වලින් ඇති වන අපදා වලින් බේරීමට දත යුතුය. ටොනේඩෝවක් වැනි තත්ත්වයකදි අපි ආරක්ෂාව පිණිස ගොඩනැගිල්ලක්, කාමරයක් තුලට හෝ පහත් ඉස්ථානයක් වෙත කාණුවක් වැනි තැනකට රිංගා ආර්ක්ෂා විය යුත් වේ. ලංකාව වැනි රටකදි උවද නොනේඩෝ තත්ත්ව අති විය හැක. අප රටටද ටොනේඩෝ තත්ත්ව වල බලපෑම විටින් විය ඈත අතිතියේ සිය සිදුව ඇත.








Related Posts Plugin for WordPress, Blogger...