Showing posts with label ලෝකය. Show all posts
Showing posts with label ලෝකය. Show all posts

Monday, August 6, 2012

බයිකාල් විල/Baikal Lake


බයිකාල් විල ලොව ඇති ගැඹුරුම විලය. මෙය රුසියාවේ සයිබීරියා පුදේශය ආශ්‍රිතව රිෆ්ට් නිම්නයේ පිහිටා ඇත.  එමෙන්ම බයිකාල් විල ලොකයේ පැරණිතම විල් වලින් එකකි. දල වශයෙන් බයිකාල් විල වසර මිලියන  25-30 අතර කලක් පැරණිය. ලොකයේ ඇති පිරිසිදු ජලයෙන් දළ වශයෙන් 20% ක්, බයිකාල් විලේ අඩංගු වෙයි. මෙය ලොකයේ පිරිසිදුම ජලය අඩංගු ලොකුම විලද වේ.

බයිකාල් විල වර්ගකිලෝමීටර් 31,722ක පමණ ප්‍රදේශයක් පුරා අඩ සඳක ආකාරයට දිගට පැතිර පවති. මෙහි සාමාන්‍යය ගැඹුර මීටර් 744 ක් පමණ වේ.  ගැඹුරුම ස්ථානයේ ගැඹුර 1,741  ක් වේ. බයිකාල් විලේ දිග 636 Kmද, පලල 79 Kmද වේ. මෙහි ජලය ඝන කිලෝමීටර් 23,615, අඩංගු වේ. බයිකාල් විලේ වෙර‍ළේ දිග 2100Km වේ. බයිකාල් විල වටාම පිහිටා ඇත්තේ කඳුය. ගංඟා 330ක් පමණ බයිකාල් විල තුලට ජලය ගෙන එයි. නමුත් විලේ සිට ජලය පිටට ගෙන යනු ලබන්නේ ඇන්ගරා ගඟ මගිනි.

බයිකාල් විල සත්ව හා ශාක කොට්ඨාශ 1,700කට වඩා ප්‍රමණයකට නිවහනක් වී ඇත. මෙය 1996 දී යුනිස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බයිකාල් විලේ නැගෙනහිර ආශ්‍රිතව බුර්යට් ගෝත්‍රය වාසය කරයි. බයිකාල් විල ආශ්‍රිත ප්‍රදේශයේ උස්ණත්වය සීත සෘතුවේදි සෙල්සියස් අංශක -19ත් ග්‍රීස්ම සෘතුවේදි සෙල්සියස් අංශක 14ත් අතර විචලනය වෙයි. 






බයිකාල් විලේ පිහිටීම


Friday, June 15, 2012

ලොව මහද්වීප


නම                       වශාලත්වය         උසම ස්ථානය      ගැඹුරුම ස්ථානය
                             ව./කි.මීටර්            මීටර්                      මීටර්

ආසියාව                 44,579,000           ඒවරස්ට් කන්ද        මල මුහුද
                                                         8,848                    400

අප්‍රිකාව                  30,221,532           කිබෝ කන්ද           අසාල් විල
                                                         5,895                    156

උතුරු                     24,257,940           මැංකිලි කන්ද          මල මිටියාවත
ඇමරිකාව                                           6,193                    85

දකුණු                     17,821,790           ආකොන්කුගුවා       වැල්ඩස්
ඇමරිකාව                                           කන්ද                     අර්ධද්වීපය
                                                         6,960             
      
ඇන්ටාර්ටිකාව        13,209,000           වින්සන් මසිප්         නොදනී
                                                         5,139                    -

යුරෝපය                10,480,000           එල්බෘස් කන්ද         කැස්පියන් මුහුද
                                                        5,642                    28

ඔස්ට්‍රේලියාව           7,681,940             කොසියුස්කො        එයරි විල
                                                         කන්ද
                                                         2,228                    16

Thursday, June 14, 2012

ලොව කුඩාම දූපත්


නම                       පිහිටි සාගරය                 විශාලත්වය
                                                                               ව./කි.මී.

නවුරු                    ශාන්තිකර                        21

අයෝජිමා              ශාන්තිකර                        21

ලස්ෂාද්වීපය           අරාබි මුහුද                       31

බර්මුඩා                  අත්ලන්තික්                      51

මොන්සෙරට්          කැරබියන් මුහුද                 98

නක්ටුකට්               අත්ලන්තික්                      119

ශාන්ත හෙලේනා    අත්ලන්තික්                      122

මැරිනා                   ශාන්තිකර                        124

ටුටුයිලා                  ශාන්තිකර                        135

ක්‍රිස්මස්                   ශාන්තිකර                        135

Saturday, June 9, 2012

නයිල් ගඟ


ලොව දිගම ගඟ නයිල් ගඟයි. මෙය  දිගින් කී./මී. 6,671 ක් දිග වේ. මෙය උතුරු අප්‍රිකාවේ පිහිටා ඇත. සුඩානය හා ඊජිප්තුව හරහා නයිල් ගඟ ගලා යයි. මෙය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණි මුහුදට ගලා බසියි. නයිල් ගඟ නයිල් ගඟේ අතු ගංඟා දෙකක් වන සුදු නයිල් හා නිල් නයිල් ගංඟා එකතු වී නයිල් ගඟ නිර්මාණය වේ. සුදු නයිල්  ගඟ උගන්ඩාවේ වික්ටෝරියා ජලාශයෙන් ආරම්බ වී සුඩානය හරහාද, නිල් නයිල් (ඉතියෝපියාවේ ටානා විලෙන් පෝෂණය වේ.) ගඟ ඉතියොපියාව හරහා ගලා විත් එකිනෙක සුඩානයේ අගනුවර වන කාර්ටූම් ප්‍රදේශයෙදි  එකිනෙක එකතු වී නයිල් ගඟ සැදේ.

දිනකට ඝන මීටර් මිලියන 300 ක් පමණ නයිල් ගඟ හරහා ජලය මුහුදට ගලා යයි. පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය  නිර්මාණය  වූයේ මේ නයිල් ගඟ ආශ්‍රිතවය. එසේම ලො ප්‍රකට අස්වාන් වෙල්ල බැඳ ඇත්තේද නයිල් ගඟ හරහා ඊජිප්තුවේ අස්වාන් නගරයේදීය. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නගරය පිහිටා ඇත්තේ නයිල් ගඟ මුහැදට වැටෙන තැන අසලය. කොටින්ම කීවොත් නයිල් ගඟ ජීජිප්තු වැසියන්ගේ හදවත බඳු වේ. අවුරුද්දක් පාසා නයිල් ගඟ පිටාර ගැලීම හේතුවෙන් නයිල් නිම්නය සක්‍රීය ප්‍රදේශයක් වී ඇත. 





නයිල් ගඟෙ පිහිටීම



Friday, June 8, 2012

ලොව විශාලම දූපත්


නම                       පිහිටි සාගරය                 විශාලත්වය
                                                                   ව./කි.මී.

ග්‍රීන්ලන්තය            අත්ලන්තික්                      2,166,086

නිව්ගිනියාව            ශාන්තිකර                        792,540

බොර්නියෝ           ශාන්තිකර                        725,459

මැඩගස්කරය          ඉන්දියන්                         587,044

බෆින්                    ආර්ටික්                           507,453

සුමාත්‍රා                   ශාන්තිකර                       427,350

හොන්ෂු                 ශාන්තිකර                        227,414

බ්‍රිතාන්‍යය               අත්ලන්තික්                      218,078

වික්ටෝරියා           ආර්ටික්                            217,290

එල්ස්මරි                ආර්ටික්                            196,236

එවරස්ට් කන්ද


එවරස්ට් කන්ද ලොව උසම කන්ද වේ. මෙය ලොකේ පියස්ස ලෙස හැදින්විය හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 8848 (අඩි 29,029) ක් උස වේ. මෙය හිමාලය කඳු වැටිය ආශ්‍රිතව පිහිටා ඇත. මෙය නේපාලය, ඉන්දියාව, ටිබෙටයට මායිව පිහිටා ඇත.


 
එවරස්ට් කන්ද ප්‍රථමයෙන්ම තරණය කරනු ලැබුවේ එඩ්මන් හිලරි සහා ටෙන්සින් යන දෙදෙනාය. එඩ්මන් හිලරි නවසීලන්ත ජාතිකයෙකි. ටෙන්සින් නේපාල් ජාතිකයෙකි. ඔහුන් 1953 මැයි 29 වන දා එවරස්ට් කඳු මුදුනට පා තැබුවේය. 

 එවරස් කන්දේ 3D රූපයක්

 
එවරස්ට් කන්ද ටිබෙටය පැත්තෙන් පෙනෙන අයුරු







ලොව කුඩාම රටවල්


නම                       පිහිටීම                          විශාලත්වය
                                                                  ව./කි.මී.

වතිකානුව              යුරෝපය                         0.44

මොනාකෝව         යුරෝපය                         1.50

නවුරු                    දකුණු ශාන්තිකර              20.72

ටුවාලු                    දකුණු ශාන්තිකර              25.90

සැන් මැරිනෝ        යුරෝපය                         61.12

ලෙව්ටෙන්ඩින්        යුරෝපය                        157.99

මාලදිවයින             ඉන්දියන් සාගරය             297.85

මෝල්ටාව              මධ්‍යධරණිය                    315.98

ග්‍රැනඩාව                කැරබියන්                        344.47

ශාන්ත වින්ස්ටන්     කැරබියන්                        388.50

සී සෙල්ස්               ඉන්දියන් සාගරය              404.04

බාබඩොස්              කැරබියන්                        429.94

ඇන්ඩෝරාව           යුරෝපය                         453.25

සිංගප්පූරුව             ආසියාව                           580.16

ශාන්ත ලුසියා          කැරබියන්                        616.42

කිරිබති                   දකුණු ශාන්තිකර               683.76

බහරේන්                ආසියාව                            621.60

ටොන්ගා                දකුණු ශාන්තිකර               699.30

ඩොමිනිකාව           කැරබියන්                         751.10

සාවෝ තොම්          දකුණු අත්ලාන්තික්            963.48

Related Posts Plugin for WordPress, Blogger...