Showing posts with label පුදුමයි ඒත් ඇත්තයි. Show all posts
Showing posts with label පුදුමයි ඒත් ඇත්තයි. Show all posts

Sunday, May 19, 2013

ලොව මෙතෙක් ඇසුණු දරුණුතම ශබ්ධය

     ඔයාලා දන්නවාද ලොව මෙතෙක් ඇසුණු දරුණුතම ශබ්දය මොකද්ද කියලා. එය 1883 දී ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා ගිය ශබ්දයි. මෙය කොතරම් විශාල ශබ්ධයක්ද කියනාවා නම් හරියට හයිට්‍රජන් බොම්බ 30ක් පුපුරා යන ශබ්ධයට සමානයි. මේ ගිනි කන්ද පුපුරා යාමත් සමඟ කන්ද සමතලා වී මුහුද මතු වූ බව වාර්ථා වේ. එපමණක් නොව මෙහිදී මිණිස් ජීවිත 36,00ක් පමණ විනාශ වී ගොස් ඇත.




Saturday, May 18, 2013

මිණිස් ඇදුම් අන්දවා ඌරෙකු මරා දමයි

          ඔන්න මම ගෙනවා ටිකක් අමුතු විදිහේ කතාවක්.  මේ නඩු විභාගය සිදු වෙලා තියෙන්නේ ඌරෙකුට විරුද්ධවයි. අත දරුවෙකු මරා දැමීමේ වරදට හසු වූ ඌරෙකුට විරුද්දව පැවති නඩු විභාගයක් කි.ව 1380 ප්ලායිස් නගරයේ නොමන් ජාතිකයන් ඉදිරියේ උත්සව ශ්‍රීයෙන් සිදු කර ඇත. මෙහිදි වරදකරු බවට පත් වූ ඌරා හට මිණිස් ඇදුම් අන්දවා දංගෙඩිය වෙතට ගෙන ගොස් මරණීය දණ්ඩනය පමුණුවන ඇත.. 

      ඔන්න ඉතින් ඔයාලාගේ පැත්තෙත් මේ වගෙ නඩු විභායක් උනොත් නෙතින් එහාඅපිටත් කියන්න හොඳේ.

Wednesday, May 1, 2013

දරුවන් 35ක පියෙක්

         හොන්ඩියුරාස් දූපත් වල වාසය කල ගොවියකුට දරුවන් 35 දෙනෙක් සිට ඇත. එමෙන්ම මොහු රට මුණුබරු මිණිබිරියන් 40ක්ද සිටී. බලාගෙන යන කොට බර පැමලි එකක් වගෙ. මේ ගොවියා හොන්ඩියුරාස්  වලින් ඈත ගමක දුෂ්කර ජීවිතයක් ගෙවා ඇත. මේ වගෙ දරුවන් ගොඩාක් ඉන්න පියෙක් හිටියොත් ඔන්න නෙතින් එහා අපිටත් කියන්න හොඳේ.

Tuesday, April 30, 2013

පිටු 400ක් ඇති ලොව විශාලතම පෙම්පත

           හේ හේ යාලුවනේ ඔයාලත් පෙම් කරලා ඇතිනේ. ඉස්සරනම් ඔන්න පෙම් වදන් පුරවලා පෙම් පත් ලියන්න ඇතිනේ. මේ කාතාවත් අන්න ඒ වාගෙ කතාවක්. පළමු වන එළිසබෙත් යුගයේ එක් ඇමතිවරයෙක් ලියපු පෙම් පතක් මේක. ඇත්තටම කීවොත් ලොව වීශාලම පෙම්පත මෙය වේ. මෙහි පිටු 400ක් අඩංගු වෙයි. එමෙන්ම වචන 410,000ක් පමණ ලියා ඇත. දැනට මේ ලොව විශාලතම පෙම්පත කෞතුකාගාරයක තැන්පත් කර ඇති බව වාර්ථා වේ.

Monday, April 29, 2013

අවුරුදු හතක් තුල බාල තරුණ මහලු වියට පත් උන මිණිසා

               මේ කතාව අසුවොත් ඔයලා පුදුමත් වේවි. එංගලන්තයෙන් තමයි මේ කතාව වාර්ථා වෙලා තියෙන්නේ. චාල්ස් ටාල්ස්වරින 1829 දී මේලොව එළිය දුටුව ඇත. බාල, තරුණ, මහලු යන මිණිස් ජීවිතයේ ප්‍රධාන අවදි තුන ඉපදි අවුරුදු 7ක් ඇතුලත චාල්ස් ගත කර මිය ගොස් ඇත. මොහු සත් හැවිරිදි වියේදි මහල්ලෙකු මෙන් හිසකෙස් රුවුල පැසී ඇඟ රැලි වැටී 1836 දී මිය ගියේය. 

පුරා වසර 46ක් සිහි නැතිව සිටි කාන්තාව

       මේ කතාව ටිකක් වෙනස් විදිහේ කතාවක්. ඇමරිකා එක්සත් ජනපදයේ බෘක්ලින් ප්‍රදේශයේ විසු මොලී පැන්චර් නම් දැරිය වසර 1866 පෙබරවාරි මාසයේ එක්තරා දිනයක හදිසියේ ම සිහි මුර්ජා වෙලා බිම ඇද වැටිලා තිබුණාය. කෙසේ වෙතත් මේ දැරියක්ව සිටි කාලායේදි සිහි මුර්ජා වූ මොලී හට නැවත පියවි සිහිය ලබා දෙන්න වෛදයවරුන්ට නොහැකි වී ඇත. 


        අවසානයේ පුරා වසර 46ක් ඇය පුර්ණ සිහිය නොලබා ජීවත් විය. 1912දී මොලී හට පියවි සිහිට ලැබී ඇත. පියවි සිහිය ලැබුන ඇය 1915 නින්දේදීම අවසන් හුස්ම හෙලුවාය. කෙසේ වෙතත් ඇයට සිහිය නොඒම පිළබඳව වෛදවරුන්ට රෝග විනිශ්චය කර ගැනීමට නොහැකි වී ඇත.

Tuesday, March 26, 2013

ඒන්ජල් දිය ඇල්ලේ කබයකින් යන මිණිසෙක්


දිය ඇල්ලක් නරබා එහි සුන්දරත්වය විඳ එයින්ද සැහීමකට පත් නොව මිණිස්සු ජීවිතයද නොතකා ලොව උසම දිය ඇල්ලේ කබයකින් යන අපුර්වත්වය.  මේවැනි අරුම පුදුම බිහිසුණු දේ කරන්න ඔයාලටත් පුලුවන් නම් අපිට දන්වන්න අමතක කරන්න එපා හොඳේ.

Tuesday, October 30, 2012

ලොව ළා බාලතම මව

        ලීනා මෙදීනා ලෝකයේ ළා බාලතම මව වේ. ලීනා ඉපදුනේ 1933 සැත්තැම්බර් 27 වනදාය. දකුණු ඇමරිකාවේ පුංචි ගමක ය. ඇගේ වයට අවුරුදු 5යි මාස 8ක් වන විට ඇග් කුසින් දරුවකු මෙලොව එළිය දකියි කියා කිසිවකු නොසිතන්න ඇත. ඇග් කුසින් දරුවෙකු බිහි වුනේ 1939 මැයි 14වනදාය. පුංචි ලීනාගෙ කුස ඉදිරියට නේරා එද්දි ඇගෙ මව් පියො සිතුවේ ඇග් කුසේ විශාල ගෙඩියක් හට ගෙන ඇතැයිය. ඇගේ පියා ඇයව රෝහලට ගෙන යන ලදී. එහිදි තමයි දැන ගෙන ඇත්තේ ලීනා ගැබ් ගෙන බව. ඇගෙ දරුවාගෙ බර කිලෝ ග්රෑම් 2.7ක් වේ.

ලීනා ඇගෙ දරුවා සහ වෛදරයා


Related Posts Plugin for WordPress, Blogger...