Showing posts with label රටවල්. Show all posts
Showing posts with label රටවල්. Show all posts

Wednesday, July 11, 2012

ග්‍රීන්ලන්තය

ලෝකයේ  ලොකුම දූපත ග්‍රීන්ලන්තයයි. මෙය උතුරු අර්ධ ගොලයේ උධ්‍රෑවයට ආසන්නව පිහිටා ඇත. අත්ලන්තික් සාගරය හා ආට්ටික් සාගරය තුල ග්‍රීන්ලන්තය පිහිටා ඇත. ග්‍රීන්ලන්ත භූමි ප්‍රමාණයෙන් 2/3 වැසී ඇත්තේ අයිස් වලිනි. කොටින්ම කීවොත් ග්‍රීන්ලන්නය කියන්නේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි හිමෙන් වැසුනු අදික සීතලක් ඇති රටකි.

අග නුවර - නූක් - Nuuk

රාජ්‍යය භාෂාව - ග්‍රීන්ලන්ඩික් -  Greenlandic
වෙනත් භාෂා - ඩනිෂ් - Danish

ආගම් - ක්‍රිස්තියානි, බහුතරයක් ජනතාව රෙපරමාදු නිකායට අයත්වේ.

භූගෝලය -

උ අක්ෂාංශ 60 – 84 ත් බටහිර දේශාංශ 11 – 74 අතර පිටිටා ඇත. මෙය උතුරු ඇමරිකාවේ තුන්වෙනියට විශාලම රට වේ. ග්‍රීන්ලන්තයට ගිනිකොන අත්ලාන්තික් සාගරයද, නැගෙනහිරින් ග්‍රීන්ලන්ත මුහුදද, උතුරින් ආට්ටික් සාගරයද, බැපන් බොක්ක බටහිරින්ද වේ. කැනඩාව, අයිස්ලන්තය, නොර්වේ ආදි රටවල් ග්‍රීන්ලන්තයට ආසන්න රටවල් වේ. ග්‍රීන්ලන්තය ලෝකයේ ලොකුම ජාතික වන උද්‍යයානය වේ. මෙහි උස්ණත්වය සෙල්සියස් අංශක -9 සිට 7 දක්වා වෙනස් වේ. මෙහි විශාලත්වය ව./කි.මී. 2,166,086 කි. එයිනුත් 1,755,637ක් අයිස් වලින් වැසී ඇත. එසේම ඝ./කි.මී 2,850,000 ක් පමණ ආසන්න වසයෙන් අයිස් තට්ටුවක් ඇත. මෙහි උසම ස්ථානයේ වන ග්වුන්බොරන් ෆිජෙඩ් හි උස මීටර් 3,700(අඩි12,139)ක් වේ.

ප්‍රවාහනය -

ග්‍රීන්ලන්තයේ මාර්ග දක්නට නොලැබේ. අනෙක් රටවල් සමඟ ගුවන් මගින් ප්‍රවාහනය සිදු කරයි. එසේම බෝට්ටු සහ නැව් මඟින් ද ප්‍රවාහනය කරනු ලබයි.

ජනගහනය -

ග්‍රීන්ලන්තයේ ජනගහනය 57,637 ක් පමණ වේ. ජීවත් වීමට දුෂ්කර බැවින් ග්‍රීන්ලන්තයෙ ජනගහනය ඉතාමත් අඩුය. මෙහි බොහොමයක් ජනතාව පිට පදිංචි කරුවන් වෙයි. මොහුන් යුරොපිය(ස්වීඩන් ප්‍රදේශ) වලින් ගිය අය වේ. එක්සිමෝවරුද මෙහි පදිංචි කරුවන් වේ. 85% ක් ග්‍රීන්ලන්ඩ් ලුනුට්, 12% යුරොපිය ජාතිකයන්ද වේ. මුලු ජනගහනයෙන් 15,000 පමණ දෙනා ජීවත් වෙන්නේ අග නගරය වන නූක් වලය.

ක්‍රීඩා - 


ග්‍රීන්ලක්තයේ ප්‍රධාන ක්‍රිඩාව පාපන්දු  වේ. එසේම එය ජාතික ක්‍රිඩාවද වේ. හිම ක්‍රිඩා කරනු ලැබේ.

ආර්ථිකය -

ග්‍රීන්ලන්තයේ ප්‍රධාන ආදයම් මාර්ගය මසුන් ඇල්ලීම සහ අපනයනය කිරීම වේ. 

 


ග්‍රීන්ලන්තයේ පිහිටීම


ග්‍රීන්ලන්ත ජාතික කොඩිය


ග්‍රීන්ලන්තයේ ජාතික මල




Friday, June 8, 2012

ලොව කුඩාම රටවල්


නම                       පිහිටීම                          විශාලත්වය
                                                                  ව./කි.මී.

වතිකානුව              යුරෝපය                         0.44

මොනාකෝව         යුරෝපය                         1.50

නවුරු                    දකුණු ශාන්තිකර              20.72

ටුවාලු                    දකුණු ශාන්තිකර              25.90

සැන් මැරිනෝ        යුරෝපය                         61.12

ලෙව්ටෙන්ඩින්        යුරෝපය                        157.99

මාලදිවයින             ඉන්දියන් සාගරය             297.85

මෝල්ටාව              මධ්‍යධරණිය                    315.98

ග්‍රැනඩාව                කැරබියන්                        344.47

ශාන්ත වින්ස්ටන්     කැරබියන්                        388.50

සී සෙල්ස්               ඉන්දියන් සාගරය              404.04

බාබඩොස්              කැරබියන්                        429.94

ඇන්ඩෝරාව           යුරෝපය                         453.25

සිංගප්පූරුව             ආසියාව                           580.16

ශාන්ත ලුසියා          කැරබියන්                        616.42

කිරිබති                   දකුණු ශාන්තිකර               683.76

බහරේන්                ආසියාව                            621.60

ටොන්ගා                දකුණු ශාන්තිකර               699.30

ඩොමිනිකාව           කැරබියන්                         751.10

සාවෝ තොම්          දකුණු අත්ලාන්තික්            963.48

ලොව විශාලම රටවල්


නම                       පිහිටීම                             විශාලත්වය
                                                                     ව./කි.මී.
සොවියට් දේශය        යුරෝපය - ආසියාව          22,402,303

කැනඩාව                  උතුරු ඇමරිකාව               9,976,185

වීනය                       ආසියාව                           9,561,021

එක්සත් ජනපදය        උතුරු ඇමරිකාව               9,363,166

බ්‍රසීලය                     දකුණු ඇමරිකාව               8,512,004

ඔස්ට්‍රේලියාව             දකුණු සාන්තිකර              7,686,884

ඉන්දියාව                  ආසියාව                           3,287,606

ආජන්ටිනාව             අකුණු ඇමරිකාව               2,766,896

සුඩානය(දෙකට බෙදී ඇත)     අප්‍රිකාව                            2,505,825

ඇලිජීරියාව               උතුරු අප්‍රිකාව                   2,381,751
Related Posts Plugin for WordPress, Blogger...