Saturday, June 9, 2012

නයිල් ගඟ


ලොව දිගම ගඟ නයිල් ගඟයි. මෙය  දිගින් කී./මී. 6,671 ක් දිග වේ. මෙය උතුරු අප්‍රිකාවේ පිහිටා ඇත. සුඩානය හා ඊජිප්තුව හරහා නයිල් ගඟ ගලා යයි. මෙය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණි මුහුදට ගලා බසියි. නයිල් ගඟ නයිල් ගඟේ අතු ගංඟා දෙකක් වන සුදු නයිල් හා නිල් නයිල් ගංඟා එකතු වී නයිල් ගඟ නිර්මාණය වේ. සුදු නයිල්  ගඟ උගන්ඩාවේ වික්ටෝරියා ජලාශයෙන් ආරම්බ වී සුඩානය හරහාද, නිල් නයිල් (ඉතියෝපියාවේ ටානා විලෙන් පෝෂණය වේ.) ගඟ ඉතියොපියාව හරහා ගලා විත් එකිනෙක සුඩානයේ අගනුවර වන කාර්ටූම් ප්‍රදේශයෙදි  එකිනෙක එකතු වී නයිල් ගඟ සැදේ.

දිනකට ඝන මීටර් මිලියන 300 ක් පමණ නයිල් ගඟ හරහා ජලය මුහුදට ගලා යයි. පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය  නිර්මාණය  වූයේ මේ නයිල් ගඟ ආශ්‍රිතවය. එසේම ලො ප්‍රකට අස්වාන් වෙල්ල බැඳ ඇත්තේද නයිල් ගඟ හරහා ඊජිප්තුවේ අස්වාන් නගරයේදීය. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නගරය පිහිටා ඇත්තේ නයිල් ගඟ මුහැදට වැටෙන තැන අසලය. කොටින්ම කීවොත් නයිල් ගඟ ජීජිප්තු වැසියන්ගේ හදවත බඳු වේ. අවුරුද්දක් පාසා නයිල් ගඟ පිටාර ගැලීම හේතුවෙන් නයිල් නිම්නය සක්‍රීය ප්‍රදේශයක් වී ඇත. 





නයිල් ගඟෙ පිහිටීම



2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  2. වැදගත් යමක් දැනුම පොතට එක්කරාට ඉස්තුතියි ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...