පාට කල ඔය ගතේ පාට හෙදිලා ඇයිදෝ මේ ලේසේ. මවා පාන රූප සුන්දරේ . නෑනේ අලංකාරේ. පෑ මනහර රැගුම්. සරසවා තොරනක් මෙන් ගත. මයාව සරසා නෙත් ඉමේ . ඇයිදෝ බැදි ගියේ අලංකාරේ. නිමක් නොවන සංසාරේ. කුමට කරන් නැති ලස්සනේ. දිරා යන ගතේ. බැදි නෙත් පුරා කුමට රවටන්. අපට උරුම නැති කයේ ලස්ලනේ. පාට පාට රත්තරං. කවදා හෝ නැති වෙතේ. දිලෙන ගත කුමට රත්තරං. නිදිමතෙන් නැගිටෙන උදෑසනේ. බලන් නෙත් හැර කණ්ණාඩිය ඉදිරියේ. ඇසේ කබ පිරී ගහින්. කටේ කුනු කෙලත් ගලා. හිස කෙසුත් අවුල් වී. ඇදි වතත් පොඩි වේලා. ඇයිදෝ සැමදා ගත පිරිසිදු කරන්නේ. ඇයිදෝ සැම දා හිස පීරන්නේ. ඇයිදෝ සැමදා ඇදුම් සොදා පිරිසිදු කර මාරු කර අදින්නේ. කුමට පලදන් අබරණ මේ ගත සරසන්නටද. සැමදා අපිට කරදරයක් වූ මේ ගතේ සැබැ තතු දැන ලස්සන කරන් ඔය ගත රුවට ඉතින්........
යාලුවනේ ලස්සනට ඉන්න මේ ගත සැරසුවාට කමක් නැත. නමුත් ඇති දේ ඇති සැටියෙන් බලන්.
No comments:
Post a Comment