ලෝකයේ ලොකුම දූපත ග්‍රීන්ලන්තයයි. මෙය උතුරු අර්ධ
ගොලයේ උධ්‍රෑවයට ආසන්නව පිහිටා ඇත. අත්ලන්තික් සාගරය හා ආට්ටික් සාගරය තුල ග්‍රීන්ලන්තය
පිහිටා ඇත. ග්‍රීන්ලන්ත භූමි ප්‍රමාණයෙන් 2/3 වැසී ඇත්තේ අයිස් වලිනි. කොටින්ම
කීවොත් ග්‍රීන්ලන්නය කියන්නේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි හිමෙන් වැසුනු අදික සීතලක්
ඇති රටකි.
අග නුවර - නූක් - Nuuk
රාජ්‍යය භාෂාව - ග්‍රීන්ලන්ඩික් - Greenlandic
වෙනත් භාෂා - ඩනිෂ් - Danish
ආගම් - ක්‍රිස්තියානි, බහුතරයක් ජනතාව රෙපරමාදු නිකායට
අයත්වේ.
භූගෝලය -
උ අක්ෂාංශ 60 – 84 ත් බටහිර දේශාංශ 11 –
74 අතර පිටිටා ඇත. මෙය උතුරු ඇමරිකාවේ තුන්වෙනියට විශාලම රට වේ. ග්‍රීන්ලන්තයට
ගිනිකොන අත්ලාන්තික් සාගරයද, නැගෙනහිරින් ග්‍රීන්ලන්ත මුහුදද, උතුරින් ආට්ටික්
සාගරයද, බැපන් බොක්ක බටහිරින්ද වේ. කැනඩාව, අයිස්ලන්තය, නොර්වේ ආදි රටවල් ග්‍රීන්ලන්තයට
ආසන්න රටවල් වේ. ග්‍රීන්ලන්තය ලෝකයේ ලොකුම ජාතික වන උද්‍යයානය වේ. මෙහි උස්ණත්වය
සෙල්සියස් අංශක -9 සිට 7 දක්වා වෙනස් වේ. මෙහි විශාලත්වය ව./කි.මී. 2,166,086 කි. එයිනුත් 1,755,637ක් අයිස් වලින් වැසී ඇත. එසේම
ඝ./කි.මී 2,850,000 ක් පමණ ආසන්න වසයෙන් අයිස් තට්ටුවක් ඇත. මෙහි උසම ස්ථානයේ වන
ග්වුන්බොරන් ෆිජෙඩ් හි උස මීටර් 3,700(අඩි12,139)ක් වේ.
ප්‍රවාහනය -
ග්‍රීන්ලන්තයේ මාර්ග දක්නට නොලැබේ.
අනෙක් රටවල් සමඟ ගුවන් මගින් ප්‍රවාහනය සිදු කරයි. එසේම බෝට්ටු සහ නැව් මඟින් ද ප්‍රවාහනය
කරනු ලබයි.
ජනගහනය -
ග්‍රීන්ලන්තයේ ජනගහනය 57,637 ක් පමණ
වේ. ජීවත් වීමට දුෂ්කර බැවින් ග්‍රීන්ලන්තයෙ ජනගහනය ඉතාමත් අඩුය. මෙහි බොහොමයක්
ජනතාව පිට පදිංචි කරුවන් වෙයි. මොහුන් යුරොපිය(ස්වීඩන් ප්‍රදේශ) වලින් ගිය අය වේ.
එක්සිමෝවරුද මෙහි පදිංචි කරුවන් වේ. 85% ක් ග්‍රීන්ලන්ඩ් ලුනුට්, 12% යුරොපිය
ජාතිකයන්ද වේ. මුලු ජනගහනයෙන් 15,000 පමණ දෙනා ජීවත් වෙන්නේ අග නගරය වන නූක් වලය.
ක්‍රීඩා -
ග්‍රීන්ලක්තයේ ප්‍රධාන ක්‍රිඩාව පාපන්දු වේ. එසේම එය ජාතික ක්‍රිඩාවද වේ. හිම ක්‍රිඩා කරනු ලැබේ.
ග්‍රීන්ලක්තයේ ප්‍රධාන ක්‍රිඩාව පාපන්දු වේ. එසේම එය ජාතික ක්‍රිඩාවද වේ. හිම ක්‍රිඩා කරනු ලැබේ.
ආර්ථිකය -
ග්‍රීන්ලන්තයේ ප්‍රධාන ආදයම් මාර්ගය මසුන් ඇල්ලීම
සහ අපනයනය කිරීම වේ.
ග්‍රීන්ලන්තයේ පිහිටීම
ග්‍රීන්ලන්ත ජාතික කොඩිය
ග්‍රීන්ලන්තයේ ජාතික මල
nice! :)
ReplyDelete