Monday, August 6, 2012

බයිකාල් විල/Baikal Lake


බයිකාල් විල ලොව ඇති ගැඹුරුම විලය. මෙය රුසියාවේ සයිබීරියා පුදේශය ආශ්‍රිතව රිෆ්ට් නිම්නයේ පිහිටා ඇත.  එමෙන්ම බයිකාල් විල ලොකයේ පැරණිතම විල් වලින් එකකි. දල වශයෙන් බයිකාල් විල වසර මිලියන  25-30 අතර කලක් පැරණිය. ලොකයේ ඇති පිරිසිදු ජලයෙන් දළ වශයෙන් 20% ක්, බයිකාල් විලේ අඩංගු වෙයි. මෙය ලොකයේ පිරිසිදුම ජලය අඩංගු ලොකුම විලද වේ.

බයිකාල් විල වර්ගකිලෝමීටර් 31,722ක පමණ ප්‍රදේශයක් පුරා අඩ සඳක ආකාරයට දිගට පැතිර පවති. මෙහි සාමාන්‍යය ගැඹුර මීටර් 744 ක් පමණ වේ.  ගැඹුරුම ස්ථානයේ ගැඹුර 1,741  ක් වේ. බයිකාල් විලේ දිග 636 Km, පලල 79 Kmද වේ. මෙහි ජලය ඝන කිලෝමීටර් 23,615, අඩංගු වේ. බයිකාල් විලේ වෙර‍ළේ දිග 2100Km වේ. බයිකාල් විල වටාම පිහිටා ඇත්තේ කඳුය. ගංඟා 330ක් පමණ බයිකාල් විල තුලට ජලය ගෙන එයි. නමුත් විලේ සිට ජලය පිටට ගෙන යනු ලබන්නේ ඇන්ගරා ගඟ මගිනි.

බයිකාල් විල සත්ව හා ශාක කොට්ඨාශ 1,700කට වඩා ප්‍රමණයකට නිවහනක් වී ඇත. මෙය 1996 දී යුනිස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බයිකාල් විලේ නැගෙනහිර ආශ්‍රිතව බුර්යට් ගෝත්‍රය වාසය කරයි. බයිකාල් විල ආශ්‍රිත ප්‍රදේශයේ උස්ණත්වය සීත සෘතුවේදි සෙල්සියස් අංශක -19ත් ග්‍රීස්ම සෘතුවේදි සෙල්සියස් අංශක 14ත් අතර විචලනය වෙයි. 






බයිකාල් විලේ පිහිටීම


4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. බයිකල් විල ලෙස ඉගෙනගෙන ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. මම දැක තිබෙනවා බයිකල්, බයිකාල් යන නම් දෙකම භාවිතා කරනවා. නමුත් අපට කිව නොහැක මොන විදිහට Baikal කියන නම ශබ්ධ කරනවාද කියා. (රුසියන් - රසියන්, චාන්ස් - චැන්ස්) සාමාන්‍යයෙන් මම අසා ඇති විදිහට භාෂාවක වචන පහසුවෙන් ශබ්ධ කල හැකි විදිහට ශබ්ධ කිරීම වරදක් නොවන බව. මම හිතන්නේ Baikal කියන එක නිවැරදිව ශබ්ධ කරන ආකාරය දැන ගත හැකි වෙන්නේ ඒ විල ආශ්‍රිත ප්‍රදේශයේ අය ශබ්ධ කරන ආකාරයෙන් තමා. ( පරිගණකය(වැරදි) - පිරිගණකය(හරි) ලෙස සබ්ධ කිරීමේදි අපට වඩාත් පහසුවෙන් සබ්ධ කල හැක්කේ පරිගණකය කියන වචනය නේද?)

      Delete
    2. හ්ම්ම් .. ඇත්ත,මිනිස්සුන් එකේක විදිහට ශබ්ද කරනවා තමා..

      Delete
  2. මේ කාලෙ මමත් ලිව්ව විලක් ගැන. http://emailkavikaari.blogspot.com/2012/07/5-beauty-of-mother-nature-01.html

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...