Thursday, August 16, 2012

දියගොබ වලා


         කාලගුණ පද්දතියේ තවත් එක් සොඳුරුතම අවස්ථාක් ලෙස දියගොබ වලා දැක්විය හැක. නමුත් සොඳුරු බවක් පෙනුනද එය තුල සවා ගත් විනාශකාරි බවක්ද නැතුවාම නොවේ. ලාංකීය අපට දිය ගොබ වලා, ටොනේඩෝ තරමක් නුපුරුදු දෙයක් වන්නට පුලුවන. නමුත් ලංකාව තුලද මෙවා හට ගනු ලැබේ. දිය ගොබ වලාවක් ටොනේඩෝවකින් වෙනස් වන්නේ සුවල්ප වශයෙනි. ටොනේඩෝවක් ගොඩ බිම හට ගන්නා අතර දිය ගොබ වලාවක් දිය මත හට ගනී. නමුත් මේ අවස්ථා දෙකේම හැසරීම එක වගේය.

       දිය ගොබ වලා සහා ටොනේඩෝ බොහෝ දුරට එක හා සමාණය. දිය ගොබ වලා ප්‍රබල සංවහන තත්ත්ව යටතේදී, කැටි වලාකුලක් මවු වලාව කරගෙන ජාලාශයක පෘෂ්ඨය අතර වැඩෙන භ්‍රමණය වන වායු කකින් මෙය සමන් විතව හට ගනි.   විනාඩි 10ක් 15ක් අතර කාලයක් තුල කිලෝමීටරයක් පමණ දුර ගොස් මේවා සිය ජීවිතය අවසන් කර ගනි. මෙය ගොඩ බිමකදි හට ගැනුනේ නම් එය ඩොනේඩෝවක් ලෙසද ජාලාශයක් මතු පිට හට ගත්තේ නම් දිය ගොබ වලාවක් ලෙසද හඳුන්වයි.

     දියගොබ වලාවක හා ටොනේඩෝවක භෞතික ලක්ෂණ අතින් ( චාලක ගති) බොහෝ දුරට සමාන වේ. නමුත් ශක්ති අතින් ටොනේඩෝව ඉදිරියෙන් සිටි. සිය කේන්ද්‍රය වටා ඉතා දැඩි වේග වලින් හමා යන ප්‍රවේග වල බලපෑම යටතේ (බනූලි පෙන්වා දුන් පරිදි) එහි කේන්ද්‍රය සහ අක්ෂය ඔස්සේ ඉතා අඩු පීඩන ප්‍රදේශයක් හෝ රික්තයක් නිර්මාණය වේ. එබැවින් මේවාට යම් යම් වස්තු ඉහලට එසවිය හැකිය. ජාලාශ මත වැඩෙන දිය ගොබ වලා ඉහලට ඔසවන්නේ ජලාශය මතු පිට ඇති ජලය වේ.

     ජලාශයක් මතු පිට වැඩෙන දිය ගොබ වලාවක් ජලාශයෙන් ඇද ගන්නා ජලයෙන් සමන් විත හෙයින් ඒවා ඈත සිට වාලාකුලක සිට දිගු වන මනස්කාන්ත සිලින්ඩරාකාර සිරස් දිදුලන කක් මෙන් දැකල ගත හැක. ගමන් වේගය මඳ බැවින් දිය ගොබ වලා පැහැදිලිව දැක ගත් හැක. දියගොබ වලාවක පහල ජාලාශයට ආසන්න කොටස මහා කැළැඹින් වලින් සමන්විත වන හෙයින්  මධ්‍යය ජල ක වටා විසිරුණු ජල ගොබ රැසක් දැක ගත හැක.

   කෙතරම් මනස්කාන්ත දසුනක් වුවද දිය ගොබ වලාවකට කල හැකි විපත් බොහෝය. ප්‍රචණ්ඩ දිය ගොබ වලාවකට ජලාශය තුල සැරිසරන බෝට්ටු, කුඩා නැව්, ධීවර යාත්‍රා ආදිය ඉහලට ඔසවා වැටෙන ලෙස අත හැරිය හැක. එවන් ආපදා කෙතරම් බයානකද යන්න තීරණය වෙන්නේ දියගොබ වලාවේ අවට පෘෂ්ඨයේ රළු භාවය අනුවය. දිය ගොබ වලාවක් ගොඩබිම් ප්‍රදේශයකට ඇතුල් උවහොත් එය ටොනේඩෝවක් බවට පත් වේ. එසේ උවහොත් දියගොබ වලාවෙන් සිදු විය හැකි විනාශය තවත් දරුණු විය හැක.

    දියගොබ වලාවක් හෝ ටොනේඩෝවක් කිලොමීටරයක් තරම් මෑත ක්‍රියාත්මක වන විට ඉන් නිකුත් වන මහා ශබ්ධය ශ්‍රවනය කල හැකිය. එමෙන්ම මේවා ඈතට පැහැදිලිව දර්ශණය වේ. දිය ගොබ වලාවක් නම් නිරන්තරව නැගෙන මහා ජල ධාරාවක ශබ්ධය වන් හක් නැගීමට හැකි බව ආපදාවට දක් වූවන් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් දියගොබ වලාවක් හෝ ටොනේඩෝවක් යයි සැක සිතුනු අවස්ථාක අපි විසින් ඉන් සිදු වන ආපදා අවම කර ගැනීමට පියවර ගත යුතුය. ඒසේම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්නේ නම් මැනවි.



4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. වටිනා ලිපියක්.
    ඔය අවදානම අපිට ඒ තරම් දරැණුවට නෑ නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් අඩුයි. නමුත් ලංකාවට ටොනේඩෝ, දියගොබ වලා අලුත් දේවල් නොවේ. ඉස්සර ඉදන්ම ලංකාවේ මේවා ඇති වෙලා තියෙනවා. නමුත් ඇති වීමේ හැකියාව ටිකක් අඩුයි. ඔබට මතක ඇති නේද ලිකාවට ආපු ත්සුනාමිය. ලංකාවට ටොනේඩෝ, දියගොබ වලා අවදානම අඩුයි කීවට අපි ඒවාට සුදානම්ව ඉන්න එක හොඳයි.

      Delete
  2. හොඳ විස්තරයක්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...