Thursday, October 18, 2012

යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලොඩ් කල හැකි Xilisoft Download YouTube Video

අපි නිතරම යන එන වෙබ් අඩවියක් ලෙස යූ ටියුබ් වෙබ් අඩවිය හැදින් විය හැක. ලොව වීඩියෝ අප්ලොඩ් කර තැබිය හැකි වෙබ් අඩවි වලින් හොඳම වෙබ් අඩවිය යූ ටියුබ් වෙබ් අඩවිය වේ. ඔබට මේ යූ ටියුබ් වෙබ් අඩවියේ තිබෙන යම් කිසි වීඩියොවක් ඔබට ඩවුන්ලෝඩ් කර ගෑනීමට අවශ්‍යය විය හැක. මේ සඳහා ඔබට Xilisoft Download YouTube Video මෘදුකාංගය භාවිත හැක.

පළමුවෙන්ම Xilisoft Download YouTube Video මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගන්න. පසුව එය ඉස්ටෝල් කර ගෙන එය ඔපන් කර ගන්න. ඔබට පහත පරිදි මෘදුකාංගය විවෘතව තිබෙනු දැක ගත හැක.


ඔබට අවශ්‍යය නම් You Tube නැමැති දකුණු පස පහලින් තිබෙන රතු පාට බොත්තම කිලික් කිරීමෙන් යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් විය හැක. එය පහත රූපයේ දැක්වේ.


ඔබට ඩවුන්ලෝඩ් කර ගැනීමට අවශ්‍යය වීඩියෝවේ නම සර්ච් බෝක් එක මත සඳහන් කර සොයා ගන්න. පසුව එම වීඩියොව ඕපන් (Play) කර ගන්න. පහත රූපයේ දැක්වෙන පරිදි.


පසුව වීඩියොවේ ලිපිනය (Url) කොපි කර ගන්න. පසුව File ගොස් New Download යන්න තෝරන්න. ඔබට පහත රූපයේ දැක් වෙ ආකාරයේ සංවාද කොටුවක් ඔපන් වේ.


එම සංවාද කොටුවේ URL යන තැනට ඔබ කොපි කර ගත් යූ ටියුබ් වීඩියොවේ ලින්ක් එක ලබා දෙන්න.


පසුව ඔකේ බොත්තම ඔබන්න. පහත රූපයේ පරදි වීඩියෝව ඩවුන්ලෝඩ් වීමට පටන් ගනි. ඩවුන්ලෝඩ් වන වීඩියෝව සේව් වන ස්ථානය මෘදුකාංගයේ පහල ඇති Save As යන තැන දැක ගත හැක.















5 Comments
Tweets
Fb Comments

5 comments:

  1. මේ තරං නටන්න ඕනි නෑ කිලෝබයිට් ගානක ෆයර්ෆොක්ස් ඇඩ් ඕන් එකකින් ඕක කරගන්න පුලුවනි....

    ReplyDelete
    Replies
    1. මේ යාළුවා ඔබට ඕන නැති දෙයක් තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුලුවන්. තව කෙනෙකුට වැදගත් දෙයක් අපට වැදගත් නොවෙන්න පුලුවන්. වීඩියෝ ඩවුන්ලොඩ් කරන්න විවිධ ක්‍රම තියෙනවා. මම කියලා දුන්නේ ඒවාගෙන් එක් ක්‍රමයක් විතරයි. තමා කැමති ක්‍රමය අනුගමනය කරන එක තමා සතුය. මා කලේ අදහස් ප්‍රකාශ කිරීමක් පමණි. එය පිලිගැනීම නොපිලිගැනීම ඔබලා සතුය.

      Delete
    2. අනිවාර්යෙන් ම උඹ හරි මිත්‍රයා. මමත් කැමතියි බ්‍රවුසර් ඕපන් නොකර යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න. ඒ නිසා මේ ලිපිය වැදගත්. ජය වේවා!

      Delete
  2. download කරලා බලමු ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...