Sunday, September 30, 2012

ඔබ දන්නවාද 5


ඔබ දන්නවාද?

ශ්‍රි ලංකාවේ දවසකට 11 දෙනෙක් සිය දිවි හානි කර ගනියි. එනම් වසරකට 4000ක් සිය දිව හානී කර ගනියි.

ලොකයේ වසරකට සිය දිවි නසා ගැනීම් මලියනක 1ක් පමණ වේ. එනම් සෑම තප්පර 40කට වරක් ලොකේ කොහේ හෝ රටක කොතනක හෝ සිය දිවි හානී කර ගැනීමක් වෙයි.

ශ්‍රි ලංකාවේ සිය දිවි නසා ගැනීම් ක්‍රමයෙන් වැඩි වී 1996 වර්ෂයේදි මෙය උපරිමයක් ගනී. එය දවසකට 24ක් ලෙසය.

මදක් සිතා බලන්න. ඇයි මේ තරම් ජීවිත මිහි මතින් නිකරුනේ විනාශ වී යන්නේ. මානසික රොගී තත්ත්ව පිළිකා අදික වෙදනාකාරි රොගී තත්ත්ව, ප්‍රශ්නවලට මුහුණ දීමට ශක්තියක් නැති අය සිය දිවි හානී කර ගැනීම් වලට යොමු වීම වැඩියි.

(සතුටුයි කියන්න. මටත් හමු වුනා ජීවිතය එපා උන කෙනෙක්. මම නම් හිතුවේ ජීවිතය නැති කර ගනියි කියලා. නමුත් මම එයාගෙ හිත හදලා ජීවිතයට ආදරය කරලා ජීවත් වෙන්න පුරුදු කලා.)

සෑම ජීවිතයක් අපිට වටිනවා. සෑම ජීවිතයක්ම රැක ගන්න උනන්දු වන්න. ජීවිතය එපා උන අයට කරුණු පැහැදිලි කරලා දිවි හානී කර ගැනීම් වලින් වලක්වා ගන්න. ලෝකය ආදරය කරුණාව සෙනෙහස ලබා දීලා ජීවිතය එපා උන අය ජීවත් කරවන්න. නැතහොත් මෙලොවින්  අකාලයේ මිය ජීවිත වැඩි වේවී.

1 Comments
Tweets
Fb Comments

1 comment:

  1. ඔබ ඇත්තටම කරගෙන තියෙන්නේ පිනක්..ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...